යේමනයේ අල්කයිඩා නායක කාසීම් අල් රේම් අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මරණයට පත් වූ බව ධවල මන්දිරය නිවේදනය කරයි.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ අරාබි අර්ධද්වීපයේ මෙන්ම, ලොව පුරා අල්කයිඩා ත්‍රස්ත මෙහෙයුම් ඔහුගේ මරණයත් සමඟ දුර්වල වනු ඇති බවයි.
2015 වසරේ සිට කාසීම් අල් රේම් යේමනයේ අල්කයිඩා නායකයා ලෙස කටයුතු කර තිබේ. අමෙරිකානු ගුවන් හමුදා සිදුකළ ක්‍රියාන්විතයක දී ඔහු ඝාතනය වූ බව ධවල මන්දිරය කියා සිටි.
යේමනයේ සිදුවු ප්‍රහාර රැසකට කාසීම් අල් රේමි සම්බන්ධ බවට සැලකේ. අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් හිටපු අල්කයිඩා නායකයා ඝාතනය වීමෙන් අනතුරුව කාසීම් අල් රේමි යේමනයේ නව අල්කයිඩා නායකයා බවට පත්ව තිබුනි.
0 Comments