Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හදිසි විදුලි විසන්ධි කිරීම සම්බන්ධයෙන් ඇමති වාර්තාවක් ඉල්ලයි

පූර්ව දැනුම් දීමකින් තොරව පැය දෙකහමාරක් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයෙන් වාර්තාවක් කැඳවා ඇත.

මෙලෙස විදුලිය විසන්ධි කීරිම (03) පෙරේදා දින සිදු කෙරිණි.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසන පරිදි, කෙරවලපිටිය විදුලි බලාගාරයේ ජනක යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීම හමුවේ ඇති වූ හදිසි තත්ත්වය මත විදුලිය විසන්ධි කිරීමට සිදු වූ බවයි.

විදුලි විසන්ධි කිරීමක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍යය වුව ද පෙරේදා දිනයේදී එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැත.

අමාත්‍යවරයා පවසා ඇත්තේ, කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවක් නොකරන බවයි. මේ අතර ණය සීමාව ඉක්මවීම හේතුවෙන් යළිත් වරක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දීම අත්හිටුවීම සම්බන්ධයෙන් යළිත් අනතුරු අඟවා ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();