Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළගැටියන් නිසා සෝමාලියාවේ හදිසි තත්වයක්

පළගැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් සෝමාලියාවේ ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ කෘමීන් විශාල වශයෙන් වගාවන්ට සහ අනෙකුත් ශාකවලට හානි සිදු කිරීම හේතුවෙන්, එරට ආහාර සුරක්ෂිතභාවයට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බව වාර්තා වේ.
 
සෝමාලියාවේ අස්වැන්න නෙලීම එළඹෙන අප්‍රේල් මාසයේ දී ආරම්භ වීමට නියමිතය. ඊට පෙර මෙම තත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් විශාල ගැටලුවක් උද්ගත වන බව එරට බලධාරීන් සඳහන් කරයි. 
 
සෝමාලියාවට අසල්වැසි කෙන්යාවේ ද දරුණු ලෙස පළගැටි උවදුරු පැතිර පවති. එහෙත්, මෙම උවදුර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ කලාපයේ පළමු රට සෝමාලියාවයි. 
 
කෙසේ වෙතත්, සෝමාලියාවේ පවතින ගැටලුකාරී ආරක්ෂක තත්වය හමුවේ, ගුවන් යානා භාවිතයෙන් පළගැටි උවදුර මැඩපැවැත්වීමට කෘමිනාශක ඉසීමට ද බාධා එල්ල වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();