Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව 910ක් වෙයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 910 දක්වා ඉහළ ගොස් තිබේ. මරණ 908ක්ම වාර්තා වන්නේ චීනයෙනි.
 
මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 40,234 දෙනෙක් වාර්තා වී තිබේ. 
 
කොරෝනා වෛරසය හඳුනා ගැනීමෙන් අනතුරුව මුල් කාලසීමාවේ මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් නොකළ නමුත්, මේ වන විට දෛනිකව පුද්ගල මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සදහන් වේ. 
 
ඊයේ වන විට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2002/2003 සාර්ස් වෛරසයෙන් මිය ගිය පිරිස අභිබවා ගියේ, කොරෝනා වෛරසය කෙරෙහි ලෝක ප්‍රජාවගේ අවධානය තවදුරටත් යොමු කරමින්ය. 
 
කෙසේ වෙතත්, ඉහළ යන මරණ සංඛ්‍යාවට සාපේක්ෂව කොරෝනා වෛරසයෙන් සුවය ලබන පිරිස ද ඉහළ අගයක් ගැනීම කැපී පෙනෙයි. මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 3,200කට අධිකය. 
 
කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට චිනය ගනු ලබන ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පැසසුමට ලක් කරන අතර, එහි විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ දී චීනය වෙත පිටත්ව යාමට නියමිතය. 
 
ලොව රටවල් කිහිපයකින් වෛද්‍ය සැපයුම් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මේ වන විට චීනය වෙත ලබා දෙමින් පවතින අතර, රුසියාව ද ඊයේ වෛද්‍ය සැපයුම් තොගයක් ලබා දී තිබේ. රටවල් රැසක් තවදුරටත් තම ජාතිකයින් ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සිදු කරමින් පවති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();