Ticker

6/recent/ticker-posts

Header Ads Widget

475ක් සුවය ලබයි

කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වූ 475 දෙනකු සුවය ලබා රෝහල් වෙතින් පිටව ගොස් තිබේ. චීනය විසින් ඊයේ (03) දවස අවසානයේ නිකුත් කළ වාර්තාවට අනුව ගෙවී ගිය පැය 24 තුළ නව රෝගීන් 2, 829 දෙනකු හඳුනා ගෙන ඇත. ඉන් 57 දෙනකු මිය ගොස් තිබේ. මියගිය පිරිස අතරින් 56 දෙනකු හුබෙයි පළාත් වාසින්ය ය. අනෙක් පුද්ගලයා චොන්ග්කින්ග් පුදේශයේ කෙනෙකි. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අනාවරණය කරන්නේ කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කරන 5, 173 දෙනකු ඉරිදා දිනයේ දී වාර්තා වූ බවයි. එදින වන විට චීනයෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 17, 205ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 361කි. කෙසේ වුවද රෝගීන් 2, 296 දෙනකු මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවේ. 21, 558 දෙනකුට වෛරසය ආසාදනය වී ඇතැයි සැක කෙරේ.

චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ මොවුන් හා සමීප සබඳතා පැවැත් වූ 189,583 දෙනකු හඳුනා ගෙන ඇති අතර වෛද්‍ය පරීක්ෂණවලින් පසු ඉන් 10,055 දෙනකු රෝහල්වලින් නිදහස් කර තිබෙන බවයි.

The post 475ක් සුවය ලබයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();