කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබේ.
චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වන විට චීනයේ පළාත් 31 ක ව්‍යාප්තව පවතී. නවතම වාර්තා අනුව ස්පාඤ්ඤයෙන් පළමු කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියා ද හමුව තිබේ. ඒ අනුව රටවල් සහ ස්වාධීන පාලන ප්‍රදේශ 25 කින් වෛරසය අසාදනය වූ පුද්ගලයින් වාර්තා වේ.
චීනයට අමතරව වැඩිම රෝගින් පිරිසක් හමු වී ඇත්තේ තායිලන්තයෙන් සහ ජපානයෙනි. වෛරසය ආසාදනය වීමෙන් චීනය තුළ පුද්ගලයන් 259දෙනෙකු මිය ගොස් තිබේ. 12000කට වෛරසය ආසාදනය වී ඇති බවට විශ්වාස කෙරේ. පුද්ගලයන් 17,988 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කරයි.
එසේම රෝගීන් 150 දෙනෙකු පමණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ අතර චීන පුරවැසියන් සදහා ලබා දෙන අවුරුදු නිවාඩුව තවත් දීර්ඝ කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
0 Comments