පෙට්‍රල්, ඩීසල් හා දෙමුහුන් මෝටර් රථ 2035 වසරෙන් පසු බ්‍රිතාන්‍යයේ අලෙවි කිරීම තහනම් කිරීමට එරට රජය සැලසුම් කර තිබෙනවා.
එළඹෙන නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවට අදාළ වැඩසටහනකට එක්වෙමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා රජයේ මෙම ප්‍රතිපත්ති අනාවරණ කළා.
මෙම තීරණයත් සමඟ විද්‍යුත් හෝ හයිඩ්‍රජන්වලින් බලගැන්වෙන රථවාහන මිලදී ගැනීමට ජනතාවට ක්‍රියාකළ යුතු වනවා.
මෙම වසර පෘථිවියේ දේශගුණ වෙනස්වීම් අර්ථදක්වන වසරක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී පැවසුවා.
දේශගුණ විපර්යාසවලට එරෙහිව ගෝලීය වශයෙන් කටයුතු කිරීමේදී මෙම සමුළුව පැවැත්වීමට ලැබීම බ්‍රිතාන්‍යයට වැදගත් අවස්ථාවක් යැයි ඔහු ප්‍රකාශ කළා.
2050 වසර වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වන සැලසුම් මෙම වසර පුරා ක්‍රියාත්මක වන බවත් මේ සඳහා සියලු දෙනාට එක්වන ලෙසත් අගමැතිවරයා ඉල්ලා සිටියා.
ස්කොට්ලන්තයේ ග්ලස්ගෝ නුවර පැවැත්වෙන මෙවර දේශගුණ සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සමුළුවලින් එකක් වනවා.
The post 2035 සිට පෙට්‍රල් – ඩීසල් වාහන බ්‍රිතාන්‍යයේ තහනම් කෙරේ appeared first on Lanka News Column.
0 Comments