Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාස්ක් අවුල

මේ වන විට කොරෝනා වෛරස් තත්ත්වය හේතු කොට ගෙන උද්ගතව ඇති වාතාවරණය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අලෙවිය සඳහා ඇති මුඛ ආවරණවල හිඟයක් දක්නට ලැබෙන බවත්, ඇතැම් වෙළෙඳුන් ඒවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට පෙළඹී ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මෙසේ කියා සිටියාය.

“මහජනතාවට මිල දී ගැනීම සඳහා පුළුවන් තරම් නිෂ්පාදනය වැඩි කිරීමට අද දවසේ මේවා නිෂ්පාදනය කරන ආයතන 3ක් සමඟ සාකච්ඡා කළා. මේවා නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීමත් බොහෝ දුරට චීනයෙන් කරන්නේ. ඒ නිසා නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීම පිළිබඳ අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. අපි දැනට නිෂ්පාදන ආයතන වෙත උපදෙස් දීලා තිබෙනවා පුළුවන් තරම් උපරිමයෙන් නිෂ්පාදනය කිරීම සඳහා. ඒ වගේම අමුද්‍රව්‍ය වෙනත් රටවලින් හෝ ලබා ගන්න කියලා උපදෙස් දීලා තිබෙනවා.“

The post මාස්ක් අවුල appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();