Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර හා කොළඹ වායුගෝලය වෙනස් වෙයි

මහනුවර හා කොළඹ ඇතුළු නගරවල වායුගෝලයේ මයික්‍රෝ ස්කේල් ප්ලාස්ටික් අංශු වැඩිවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙයි.

පේරාදෙණි වීශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එච්.එම්.ටී.ජී.ඒ.පිටවල මහතා මේ බව ඊයේ ප්‍රකාශ කරන ලදි

මේ අතර පසුගිය සති දෙක තුළ රාත්‍රි කාලයේ දී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යාමේ තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, පස්වරුවේ ඇදහැලෙන වර්ෂාව මෙලෙස වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණය යළි සාමාන්‍ය අගයකට පත්වීමට හේතුවී ඇති බවයි.

මේ වන විට එහි අගය ඒකක 40 – 60 ප්‍රමාණයක පවතින බව ද ඒ මහතා පවසයි.

ගත වූ සති දෙකක කාලයේ දී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය පැවතුණේ ඒකක 100 – 150 අතර අහිතකර තත්ත්වයක පැවතුණි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();