කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සමාජිකයින් පත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිතයි.
පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමඟ අහෝසිවීම නිසා පුරප්පාඩු වී පවතින රාජ්‍ය මුදල් කාරක සභාව,රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම පිළිබඳ අවසන් එකඟතාවකට එළඹීමට මෙම සාකච්ඡාවේදී සැලසුම් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කාරක සභා 10 ක් අහෝසි විය.
මේ පිළිබඳ සාකච්ඡාවක් පෙරේදා මිට පෙර පැවති අතර එහිදි ආණ්ඩු පක්ෂය යෝජනා කර ඇත්තේ කාරක සභාවල බහුතර සාමාජික සංඛ්‍යාවක් ආණ්ඩුවට හිමිවිය යුතු බවයි.
ඒ අතර පෙර සාමාජිකයින්ම එම කමිටු සඳහා පත් කළ යුතු බව විපක්ෂය එහිදි යෝජනා කර තිබේ.
The post කෝප් සමඟ තවත් කමිටු appeared first on Lanka News Column.
0 Comments