Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාසාගේ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව අසීරුවෙන්

වසර 20කට පසු සිම්බාබ්වේ පන්දු යවන්නකු විසින් ටෙස්ට් තරඟයක ඉනිමකදී වාර්තා කල දෙවන හොඳම පන්දු යැවීම (7-113) සිකන්දර් රාසා විසින් ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනයේදී වාර්තා කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් අසීරු තත්වයකට පත් විය.

තෙවන දිනය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේ කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 122 ලබා සිටියදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරඟයේ පිතිකරණ අංශයෙන් දැක්වූ දක්ෂතා නිසාම පළමු ඉනිමේ විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ලඟා වෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වූවත්, ඇන්ජලෝ මැතිව්ස් සහ ආරම්භක පිතිකරුවන් වන දිමුත්, ඕෂද හැරෙන්නට අන් සියලු පිතිකරුවන් සිය වගකීම අමතක කොට පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකා මුල් ඉනිම අසීරු තත්වයකට පත්විය.

දිනය ආරම්භ කරමින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් අතර සම්බන්ධතාව ලකුණු ලකුණු 30කට සීමා කරමින් 62වන ඕවරයේදී කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 22 ලබා සිටියදී රාසාගේ පන්දුවක් හමුවේ කාල් මුම්බා අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉන්පසු පිටියේ පිටියට පිවිසි අත්දැකීම් සහිත දිනේෂ් චන්දිමාල් එක් 6 පහරක් එල්ල කොට පෞද්ගලික ලකුණු 9 පමනක් ලබා සිටියදී දැවී ගියේ සිකන්දර් රාසා යැවූ පන්දුවකටම ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙසේ අසාර්ථක වන මැද පෙල පිතිකරු බල ඇණියට යම් සහනයක් එක් කරමින් ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්වූ ධනංජය ද සිල්වා ලකුණු 84ක සම්බන්ධතාවක් ලබා සිටියදී සිකන්දර් රාසාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා. ඔහු දැවී යන විට ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 42ක්.

පිටියේ එක් කෙලවරක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වන්නට සිය ඉනිම ක්‍රියාත්මක කරද්දී ඉන්පසු පිටියට පිවිසි නිරෝශන් දික්වැල්ල එක් ලකුණකට නැවත ක්‍රීඩා ගාරයට යන්නේ සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. දෙවන තරඟයට කසුන් රාජිත වෙනුවට කැඳවූ වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු සිය පිත්ත සංයමයෙන් හසුරුවමින් ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන්ට පාඩමක් කියා දෙමින් වටිනා ලකුණු 38ක් රැස් කරගත්තා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවුනේ ලකුණු 293 පමණයි.

එය සිම්බාබ්වේ කණ්ඩායමට සිය දෙවෙනි ඉනිමට තවත් අමතර ලකුණු 113 ඉදිරියක් ලබාදීමක් බවට පත්වුනා.

ඇන්ජලෝ මැතිව්ස් සිය පිත්ත මෙහෙයවමින් ලකුණු 64ක සටන්කාමී ඉනිමක් වාර්තා කලා.

සිය දෙවෙනි ඉනිම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම පිටියට පිවිසියේ ප්‍රින්ස් මැස්වෝරේ සහ ක්‍රේග් අර්වයින් සමඟින්. නිත්‍ය ආරම්භක පිතිකරු වන කසූසා පන්දු රැකිමේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියට පිවිසියේ නැහැ.

ආරම්භ සබඳතාව ලකුණු 32 කට සීමා කරමින් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ක්‍රේග් අර්වයින් ලකුණු 13 කට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී යනවා. කෙසේ නමුත් දිනය අවසාන වනවිට සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 62ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් මේ වනවිට දෙවන ඉනිම සඳහා ලකුණු 175ක් ඉදිරියෙන් පසුවනවා.

හරාරේ පිටියට සවස් යාමයේ ඇද හැළුනු වර්ශාවත් සමඟ තරඟය තෙවන දිනය නිමාවීමට ප්‍රථම අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කල අතර සිව්වන දිනය වන හෙට දිනයේදී තරඟය සිම්බාබ්වේ වෙලාවෙන් පෙරවරු 9.35ට ආරම්භ වීමට නියමිතයි.

සිව්වන දිනය ආරම්භයේ සිට සිකන්දර් රාසාගේ වික්‍රමය ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ටත් ඉටු කිරීමට හැකි වුවහොත් ඔවුන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගෙන තරඟය ජයග්‍රහණය කිරීමේ හෝ සම කරගැනිමේ යම්කිසි බලාපොරොත්තුවක් තබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();