ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනා අද (06) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සුදුවෑන් මාධ්‍ය හමුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.
එහිදී එම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සරත් කුමාර සහ අතුල මදනායක යන සැකකරුවන් දෙදෙනාද යළි අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඒ අනූව අදාළ සැකකරුවන් අද දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළ අතර නඩුවේ නීතී කෘත්‍ය අද යලි කැඳවීමට අධිකරණය නියෝග කළේය.
මේ අතර සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට මුල්‍ය අනුග්‍රහය දැක්වූ බව පැවසෙන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතාද අද යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
0 Comments