Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජිත සිංගප්පූරු යන්න අවසර පතයි

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්න සිංගප්පූරු මවුන්ට් එළිසෙබත් රෝහලට රැගෙනයාමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥ ගුණරත්න පවසනවා.

නීතිඥවරයා සදහන් කළේ, සිංගප්පූරු මවුන්ට් එළිසෙබත් රෝහලෙන් නිකුත් කළ වෛද්‍ය වාර්තා හා මේ වනවිට ඔහු ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පෞද්ගලික රෝහලෙන් නිකුත් කළ වෛද්‍ය නිර්දේශ ඉදිරිපත් කර විදේශ ගමන් තහනම ඉවත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි නීතිඥවරයා කියා සිටියේ.

මේ අතර පසුගිය 26 වනදා සිට නාරාහේන්පිට පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සේනාරත්න ඊයේ දහවල් සාමාන්‍ය වාට්ටුවකට මාරුකර බවත් වාර්තා වෙනවා.

The post රාජිත සිංගප්පූරු යන්න අවසර පතයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();