නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරෝනා වෛරසය ශ්‍රි ලංකාව තුල ව්‍යාප්ත විම වළක්වා ගැනිම එහි අරමුණවේ.
සෞඛ්‍ය මානව සුබසාධනය සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව ශ්‍රි ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අදාල කරුණු සාකච්ඡා කිරීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවේදී ඔහු ඒ බව සඳහන් කළේය.
වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මෙම නව මෘදුකාංගය හඳුන්වාදී තිබේ.
සියලු ගුවන් මගීන් දැනුවත් කර මෙම මෘදුකාංගය මගින් ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන හා යන එන ස්ථාන පිළිබඳව සියලු තොරතුරු ලබාගැනේ. ඔවුන් පිළීබඳව විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
චීනයේ සිට මෙරටට පැමිණෙන මගීන් සඳහා වෙනම ප්‍රවේශ මාර්ගයක් සකස්කර තිබේ. ඔවුන් විශේෂ පරික්ෂාවකට ලක්කෙරෙනු ඇත. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අමතරව පලාලි ගුවන් තොටුපලේ ද කොළඹ ගාල්ල හා ත්රිකූණාමලය යන වරායවලද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මකය.
0 Comments