Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් සිසුන්ගේ නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත් ලබාදීම අද සිට

2020 වසරේ නව පාසල් වාරය අද ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 47 ක් ලබන 5 වැනිදා දක්වා වසා තැබෙන බවයි.

එම පාසල් ලබන 6 වැනි දා යළි විවෘත කිරීමට නියමිත වේ.

මේ අතර පාසල් සිසුන්ගේ නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත් ලබාදීම අද සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පැවසුවේ, ඊට අදාළ වව්චර්පත් මේ වනවිටත් පාසල් හා කොට්ඨාස කාර්යාල වෙත බෙදා හරිමින් පවතින බවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය නිල ඇඳුම හෝ අඩුම තරමින් පාසල් පෙළ පොත් හෝ පාසල් සිසුන්ට නිසි වෙලාවට ලබා දීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වූ බවට චෝදනා කළා.

The post පාසල් සිසුන්ගේ නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත් ලබාදීම අද සිට appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();