Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජකාරි වෙලාවේදී ෆේස්බුක් යන්න එපා, වැඩ කරන්න – රාජ්‍ය සේවකයන්ට උපදෙස්

රාජකාරි වේලාව තුළ මුහුණුපොතේ (FACE BOOK) කාලය ගත කරමින් කාලය නාස්ති නොකරන්නැයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ඊයේ (01) ප්‍රකාශ කළා.

2020 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ජනතා බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් සම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට ගොස් ජනතාවට සේවය කළ යුතු බව භාණ්ඩාගාර ලේකම් වරයා කාර්ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළා.

සාම්ප්‍රදායික භාණ්ඩාගාරය වෙනුවට තරුණ නායකත්වයට අවස්ථාව ලැබෙන අනාගතයක් නිර්මාණය කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බවත්, ඒ වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස තමා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් හෙතෙම එහිදී කියා සිටියා.

එහිදී සේවක පිරිස අමතමින් තව දුරටත් අදහස් දැක්වූ එස්.ආර්. ආටිගල මහතා

‘‘අපි හැම දෙනාම රාජකාරි කටයුතු කරනවා. නමුත් මම හිතන්නේ තව ඒක දියුණු කරගන්න පුළුවන්. කිසිම වෙලාවක නිකරුණේ කාලය ගත කරන්න එපා. එක එක්කෙනාට විරුද්ධව පෙත්සම් ගහන්න, මූණු පොතේ කාලය ගත කරන්න කාලය නාස්ති කරන්න එපා. ඒකෙන් ඒ වෙලාවට තෘප්තියක් ලැබෙයි. ඊට වඩා යහපතක් වෙන්නේ නෑ. නමුත් ඒ වෙලාව තමන්ට ආපු රාජකාරි ලිපියකට උත්තර ලියන්න වැය කරන්න පුළුවන්. ලිපිවලට උත්තර ලියන්නේ නෑ. අනිත් අමාත්‍යාංශවලට සහ රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙන්නේ නෑ කියලා කාලයක් අපට ලොකු චෝදනා තිබුණා. ඒ සියල්ල අමතක කරලා අදාළ රාජකාරිය කාර්යක්ෂමව ඉටු කිරීමට ඉදිරිපත් වෙන්න.” ලෙසද සඳහන් කළා.

The post රාජකාරි වෙලාවේදී ෆේස්බුක් යන්න එපා, වැඩ කරන්න – රාජ්‍ය සේවකයන්ට උපදෙස් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();