Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ට්‍රම්ප්ගේ යුදමය ක්‍රියාදාමය සීමාකිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තීරණයක

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුදමය ක්‍රියාමාර්ග සීමා කිරීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තීරණය කර තිබේ.

ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයකට එළඹීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලතල සීමා කිරීමේ අරමුණින් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කර තිබේ. එම යෝජනාවට පක්ෂව ඡන්ද 224ක් සහ විපක්ෂව ඡන්ද 194ක් ලැබී තිබුණි. ඉරානය සමඟ ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය පාලනය කළ යුතු බව එම මන්ත්‍රී මණ්ඩලයේ විශ්වාසය වී තිබේ.

ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට සිදුවන ප්‍රහාර වැනි විශේෂ අවස්ථා හැර ඉරානය සමඟ ඕනෑම ගැටුමකට මුලපිරීමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලබාගත යුතු බව අදාළ යෝජනාවේ සඳහන් වේ.

මෙහිදී ඉරානයට එරෙහි මෙහෙයුම් පිළිබඳ පැහැදිලි සාක්ෂි ලබාදීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බව ද අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පෙන්වා දෙයි.

නව පියවර සමඟ අමෙරිකානු ජනාධිපතිවරයාට විශේෂ අවස්ථාවකදී ‍හැර කොංග්‍රසයේ අනුමැතියෙන් තොරව ඉරානයට එරෙහිව සන්නද්ධ හමුදා බලය ‍යොදාගැනීමට හැකියාවක් නොමැත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();