Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපි යන්නෙම නැහැ

ඉරාකයෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කරගන්නා බවට පැතිර යන වාර්තා අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් විසින් ප්‍රතික්ෂේප කළේ ය.

ඉරාකයේ සිටින අමෙරිකානු හමුදා ජනරාල්වරයකුගේ ලිපිකින් , අමෙරිකාව ඉරාකයෙන් සිය සෙබළුන් ඉවත්කරගනු ඇති බවට ඉඟි පළ වීමෙන් පසුවයි මෙම ප්‍රතික්ෂේපවිම ප්‍රකාශ කර තිබිණි. ඉරාක පාර්ලිමේන්තුව එරටින් අමෙරිකානු සෙබළුන්ට පිටවන ලෙස නියෝග කිරීම හමුවේ ඉදිරි දිනවලදී අමෙරිකාව සිය සෙබළුන් යළි ස්ථානගත කරනු ඇතැයි එම ලිපියේ සඳහන් කර තිබිණ.

කෙසේ වෙතත් ඇමරිකාවට ඉරාකයෙන් පිටවීමේ කිසිඳු අපේක්ෂාවක් නැතැයි අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය.

ඉරානයේ ප්‍රධාන අණ දෙන නිලධාරියකු වූ කාසෙම් සොලේමානි ඝාතනය කිරීමෙන් පසු අමෙරිකානු හමුදාවට තර්ජන එල්ලවන පසුබිමකදී මෙම ඉවත්වීමේ වාර්තාව පළවී තිබුණේ.

සොලේමානි ඝාතනයට එරෙහිව දැඩි හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඉරානය තර්ජනය කිරීම හමුවේ මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තා තවදුරටත් උග්‍ර වී තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සංස්කෘතික පරිශ්‍ර වෙත ප්‍රහාර එල්ලකරන බවට පැවසීම හේතුවෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, කාසෙම් සොලෙයිමානිගේ ඝාතනයට පළිගැනීමක් ලෙස අමෙරිකාවට ප්‍රහාර එල්ල කළ හොත් , සංස්කෘතික පරිශ්‍ර ඇතුළු ඉරානයේ හඳුනා ගත් ඉලක්ක 52 කට ප්‍රහාර එල්ල කරන බවයි.

කෙසේ වෙතත් ඉරානයේ මෙම ස්ථාන ආරක්ෂාවට බඳුන් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා ද අවධාරණය කළේ ය.

යුධ සමයේදී වුවත් සංස්කෘතික උරුමයන් සුරකින් බවට වන ජාත්‍යන්තර කෙටුම්පතකට ඉරානය සහ අමෙරිකාව අත්සන් තබා ඇති අතර එවැනි ස්ථාන වෙත හමුදා ප්‍රහාර එල්ලකිරීම, ජාත්‍යන්තර නීතිය යටතේ සැලකෙන්නේ යුද අපරාධයක් ලෙසයි.

The post අපි යන්නෙම නැහැ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();