වත්මන් ආණ්ඩුව තුළත් බල කේන්ද්‍ර දෙකක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇතැයි ජනතා විමුත්කි පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.
බදුල්ලේ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වු ඔහු “මිනිස්සු හිටපු ජනාධිපතිවරු පරදා අලුත් ජනාධිපතිවරු පත් කරන්නේ ඇයි?” යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.
එවැන්නක් සිදු කරන්නේ නව බලාපොරොත්තු සමඟ බව සඳහන් කර සිටි ඔහු පැවසුවේ පරණ ආණ්ඩු ආකාරයෙන්ම නව ජනාධිපති හා ආණ්ඩුව සරල වෙනස්කම් කරමින් ඇති බවයි.
ජනාධිපතිවරයාට ඡන්දය දුන් ජනතාව බලාපොරාත්තු වුයේ මෙය නොවන බව පැවසු විද්‍යාරත්න ජනාධිපතිවරයා හා ආණ්ඩුව විසින් නිමා දැමිය යුතු ප්‍රධාන ගිනි කීපයක් ඇති බවත් පැවසීය.
ඒ ගිනි අතරින් ප්‍රධානතම ගින්න වන්නේ බඩගින්න බවත්, ආණ්ඩුව තුළ සිටින හාල්මාෆියාවට උත්තර සෙවිය යුතු බවත් පැවසු ඒ මහතා, සරල උත්තරවලින් මෙය විසඳිය නොහැකි බවත් කියා සිටියේය.
ණය ගින්න මේ වසරේ විශාල වශයෙන් දැනෙන බවත් කියා සිටි සමන්ත විද්‍යාරත්න අධ්‍යාපනය හා සෞඛ්‍ය ද ගිනි ගෙන ඇතැයි පැවසීය.
එවැනි ගිනි නිවන්නේ නැතිව රටට විසඳුම් සෙවිය නොහැකි බවත් පැවසු ඒ ඔහු, වත්මන් ආණ්ඩුව තුළ න්‍යාය පත්‍ර දෙකක් ඇති බවත් ඒ තුළින් නායකත්ව දෙකක් බිහි වී ඇති බවත් කියා සිටියේය.
රටේ ජනතාව මහබැංකු වංචනිකයන්ට මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට ද දඬුවම් දෙනු ඇතැයි බලාපොරොත්තු වුවත්, මේ වන විට එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් පැවසීය.
ඉදිරි මැතිවරණය සඳහා මෙවැනි තත්ත්වයන් හොඳ තෝතැන්නක් නිර්මාණය කර දෙන බැවින් මෙවැනි තත්ත්වයන් එක්තරා ආකාරයක “ඩීල්“ එකක් දැයි තමන්ට සැක හිතෙන බවත් විද්‍යාරත්න එහිදී කියා සිටියේය.
The post මේකෙත් දෙකක් appeared first on Lanka News Column.
0 Comments