රන්ජන් රාමනායකගේ හඬපට එළියට පැමිණීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අධිකරණය සහ පොලීසිය වෙන වෙනම විමර්ශන සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
විශේෂයෙන්ම අධිකරණය සහ පොලීසිය මේ ලෙස හෑල්ලු වන පරිදි මේ සංවාදවලට සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු වනු ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි. එමෙන්ම විනිශ්චයකාරවරුන්ගේ සංගමයක් විසින්ද මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස අගවිනිසුරුවරයාට ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.
පොලිස් ක්ෂේත්රයේද මතුව තිබෙන මේ අර්බුදය සම්බන්ධව පොලිස් කොමිසමේ මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේද අවධානය යොමුව ඇත. හඬපට ඔස්සේ ප්‍රචාරය වූ සිද්ධි සම්බන්ධව වෙන වෙනම විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත අතර, රජයේ රස පරීක්ෂකවරයා හරහාද ඉදිරියේදී මේ හඬපට සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදු කරවීමට නියමිතය.
ඊට අමතරව වූ බැඳුම්කර වංචාව ඇතුළු මූල්‍ය වංචා, අත්අඩංගුවට ගැනීම්, රාජ්‍ය සේවයේ සිදු කළ නොයෙක් අක්‍රමිකතා ඇතුළු නීති විරෝධී ක්‍රියා රැසක් හෙළි කරගැනීමට මේ හඬපටවලින් හැකි වනු ඇතැයි වාර්තා වේ.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත් කිරීම් සහ ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබා දීම දේශපාලනඥයන්ගේ වුවමනාව මත සිදු කර ඇති බවට පැවසෙන හඬපට කිහිපයක්ම මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.
පොලිස් මූල්‍ය වංචා ඒකකයට සහ රහස් පොලීසිය වෙත සැකකරුවන් කැඳවන අයුරු පිළිබඳ සාකච්ඡා කරන හඬපටයක් ද දේශපාලනඥයන්ට දඬුවම් දෙන ආකාරය මෙන්ම මැති ඇමැතිවරුන් සිරගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරනු ලබන හඬපට කිහිපයක්ද මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
The post හඬපට ගැන විමර්ශන appeared first on Lanka News Column.
0 Comments