එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස් වීමට නියමිතව ඇත.
මෙම හමුව අද පස්වරු 3.00 ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පක්ෂ මූලස්ථානයේ දී පැවැත් වෙයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා වශයෙන් මෙම මැතිවරණය මෙහෙයවනු ලබන්නේ ද එසේත් නොමැති නම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම සන්ධානයේ නායකත්වයට යා යුතු යන්න පිළිබඳව ද මෙහිදී කථා කිරීමට නියමිත බව විජේපාල හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
එමෙන්ම අන්දෝලනාත්මක රංජන් රාමනායක මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ද සදහන් වෙයිෟ
0 Comments