කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනට වසර තුනක සිර දඬුවමක් නියම කළාය. ඊට අමතරව රු. ලක්ෂ තුනක දඩ මුදලක්ද ඔහුට පැනවිණි.
එසේ තීන්දුව දෙනු ලැබුවේ අයුතු ගනුදෙනු තුළින් රජයට පාඩු සිදුකිරීමේ චෝදනාවට වරදකරු කරමිනි.
සරණ ගුණවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ 2007 වසරේ මැයි 5 වැනිදා සිට 2008 වසරේ අප්‍රේල් 30 දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාහන තුනක් මිල දී ගැනීමේදී රුපියල් නව ලක්ෂ හැට දහස බැගින් අයුතු ලෙස බදු අත්තිකාරම් ගෙවීම ඇතුළු චෝදනා තුනක් ඔහුට එරෙහිව ගොනුකර තිබිණ.
The post සරණ සිරගෙට appeared first on Lanka News Column.
0 Comments