ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිපත්ති ප්රකාශය අනුව ඉදිරියට ගෙනයනු ඇත්තේත් එක්සත් ජාතික පක්ෂයේම වෙළඳ සහ ආයෝජන ප්රතිපත්තිම බවත් ඒ පිළිබඳ තමන් සතුටු වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී මලික් සමරවික්රම පවසයි.
කෙසේවෙතත් මෙම ප්රතිපත්ති ක්රියාවට නැංවීමට යාමේදී තමන්ට බැණවැදුණේ ද ජනාධිපතිවරයා නියෝජනය කරන වත්මන් ආණ්ඩුවේම පිරිස් බවයි ඔහු සිහිපත් කළේ.
“වෙළද ප්රතිපත්ති, ආයෝජන ප්රතිපත්ති ජනාධිපතිතුමා ඉදිරියට ගෙනියනවා කියන ඒවාත් අපේම ප්රතිපත්ති. ඒවාගෙම හම්බන්තොට කර්මාන්ත නගරයක් කරනවා කියලා කිව්වා. අපි ඒවා කරන්න ගියාම ඒගොල්ලො හුඟක් කෑගැහුවා. දැන් එතුමාත් ඒ ප්රතිපත්තිමයි ඉදිරියට ගෙනියන්නේ. ඉතිං අපි ඒගැන බොහොම සන්තෝස වෙනවා” යනුවෙන් මලික් සමරවික්රම මන්ත්රීවරයා ප්රකාශ කළේය.
The post එයා කරන්නෙත් අපේ ඒවමයි appeared first on Lanka News Column.
0 Comments