නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම් සිදුකර ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරුන් 3දෙනෙකු ස්ථාන මාරුවීම් ලබා දී ඇති පොලිස් නිලධාරීන් අතර වේ.
ඊට අමතරව සහකාර පොලිස් අධිකාරිවරුන් 7 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 7 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 18 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
0 Comments