ඉරානයේ සහය ලබන ඉරාක සටන්කාමීන් ඉලක්කකර ඇමෙරිකාව මෑතදී එල්ල කරන ලද ගුවන් ප්රහාරවලින් කෝපයට පත් උද්ඝෝෂකයෝ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්රයට පහර දුන්හ.
අගනුවර දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති කලාපය (Green Zone) තුළ පිහිටි තානාපති කාර්යාල පරිශ්රයේ බාහිර තාප්පය පසුකළ විරෝධතාවාදීන් විසුරුවා හැරීම සඳහා ඇමෙරිකානු හමුදාවෝ කඳුළු ගෑස් ප්රහාර එල්ල කළහ.
යාබද මාවතේ ඇති ආරක්ෂක මුරකුටියක් ද ගිනිබත් කර ඇත.
මෙම ප්රහාරය ඉරානය විසින් “මෙහෙයවන” ලද්දක් බවට චෝදනා කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එහි “පූර්ණ වගකීම ඉරානයට පැවරෙන” බව කියා සිටියේය.
බටහිර ඉරාකයේ හා නැගෙනහිර සිරියාවේ ඇති, කටායිබ් හෙස්බොල්ලා සටන්කාමීන්ට සහය දෙන කඳවුරු වෙත ඇමෙරිකාව බෝම්බ හෙළීමෙන් අවම වශයෙන් සටන්කාමීන් 25 දෙනෙකු පමණ මියගොස් තිබේ.
The post බැග්ඩෑඩ් ඇමරිකානු තානාපති කාර්යාලයට පහර දීම් appeared first on Lanka News Column.
0 Comments