කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , හාම්පුතුන්ගේ විවිධ හිරිහැර කරදරවලට ලක් වී, පසුව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය ලබමින් සිටි ලාංකීය ගෘහ සේවිකාවන් 50 දෙනෙකු ආපසු යළිත් ඊයේ(31) හා අද(01) දිනවල කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියෝය.
මෙම අය අතරින් 40 දෙනෙකු 31 දා කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණ තිබුණි .
එදින දින උදෑසන 6.15 ට කුවේටයේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 230 දරන ගුවන් යානයෙන් ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් 20 දෙනෙකු ද , එදිනම උදෑසන 7.40 ට මස්කට් සිට පැමිණි ඕමාන් ගුවන් සේවයේ W.Y.- 371 දරන ගුවන් යානයෙන් 10 දෙනෙකු ද , සහ එදින රාත්රී 6.20 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ E.K.- 652 දරන ගුවන් යානයෙන් තවත් ගෘහ සේවිකාවන් 10 දෙනෙකුද මෙරටට පෙරලා පැමිණියහ.
මීට අමතරව අද (01) දින රාත්රී 7.40 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ Q.R.- 654 දරන ගුවන් යානයෙන් ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් 10 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුහ.
මේ අය තාවකාලික ගුවන් ගමන් බලපත්ර මඟින්, ඔවුන් විසින් ලබා ගත් ගුවන් ප්රවේශ පත්ර මගින් මෙසේ පැමිණ තිබුණි.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිහිටි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පැමිණීමේ කාර්යාලය තමන්ගේ ගැටලුව පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
The post කුවේට් ගිය 50ක් ආයෙමත් මෙරටට appeared first on Lanka News Column.
0 Comments