Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශපාලන පළිගැනීම් සම්බන්ධ ජනපති කොමිසමට පැමිණිලි බාර ගැනීම ලබන 20 දා අවසන්

2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වූ කාලය තුළ දේශපාලන පළිගැනීම් සම්බන්ධව විමර්ශනය කිරීමේ ජනාධිපති පරික්ෂණ කොමිශන් සභාව පැමිණිලි භාරගැනීමේ කාලය ලබන මස 20 වන දා අවසන් වීමට නියමිතව තිබේ. එම කොමිසමේ ප්‍රකාශයෙකු සඳහන් කළේ ජනාධිපති කොමිසම සඳහා පැමිණිලි භාර ගැනීමේ කටයුතු මේ දිනවල සිදු කරන බවය.

මේ අනුව 2015 සිට 2019 දක්වා කාලය තුළ දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වූවන් සිටී නම් ඔවුන්ට ජනපති කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.

මේ අනුව "ලේකම්, 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වූ කාලය තුළ දේශපාලන පළිගැනීම් සම්බන්ධව විමර්ශනය කිරීමේ ජනාධිපති පරික්ෂණ කොමිශන් සභාව, බ්ලොක් අංක 2, දෙවන මහල, බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ 7 යන ලිපිනයට අදාල පැමිණිලි ඉදිරිපත් කළ හැකි වෙයි.

පැමිණිලි භාරගැනීමෙන් අනතුරුව එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම සඳහා ජනාධිපති කොමිසමේ සාමාජිකයින් රැස්වීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();