Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලීසිය කරපු ජරා වැඩේ නිසා මාස 10ක් සෙල්ලම් පිස්තොලයකට හිර බත් කෑ අන්ත සරණ වුනු ප්‍රසාද් ජනපතිට කියපු දේ | Gossip

හිගුරක්ගොඩ පොලිසිය විසින් තමන් සතුව තිබු සෙල්ලම් ප්‍රිස්තොලය අත්අඩංගුවට ගෙන එය විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්‍රිය ගිනි අවියක් බව පවසා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඒ පිලිබද රජයේ රස පරික්ෂණ වර්ථාව එනතුරු මාස 10ක් සිරගතව සිටිමට සිදු වු බව හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේ පුද්ගලයෙකු පවසයි.

මෙසේ බන්ධනාගාර ගතව ඇත්තේ අංක 30/1, යටියල්පාතාන දකුණල පිංපාර ල හිගුරක්ගොඩ ලිපිනයේ පදිංචිව සිටින කේ පි ප්‍රසාද් කුමාර (30) හැවිරිදි දෙදරු පියෙකි.

සෙල්ලම් ප්‍රිස්තෝලය හෙතුවෙන් වසරකට අසන්න කාලයක් සිරගතව සිටි කේ පි ප්‍රසාද් කුමාර එම සිද්ධිය පිලිබද අප සමග මෙසේ පැවැසිය. 

මුළින්ම කියලා ඉන්න ඕනි මේ සෙල්ලම් ප්‍රිස්තෝලය ස්වයංක්‍රිය ගිනි අවියක් විම නිසා මාගේ රැකියාවත් මාගේ අයියාගේ රැකියාවත් අහිමි විම නිසා අපේ අඹු දරුවෝ අද දහදුක් විදිනවා. අපි පාතාලේ අය කියලා අයියාගේ රැකියාව ඒ ආයතනයේ අය අහිමි කරා මාගේ රැකියාව කොහොමත් නැති වුනා මං හිරේ ගියාට පස්සේ.

ගිය අවුරුද්දේ පෙබරවාරි 12 වෙනිදා එක පාරටම හිගුරක්ගොඩ පොලිසියෙන් ගෙදරට පැනලා පිස්ටල් එකක් තියෙනවා ගනින් එක කිවා. මං කිව්වා එහෙම එකක් නැ කියලා. පස්සේ මුළු ගෙදරම හොයලා අල්මාරියේ තිබුණ මේ සෙල්ලම් ප්‍රිස්තොලය ගත්තා. එකත් අරගෙන මාවත් අරන් ගියා පොලිසියට. මං කිව්වා ඕක සෙල්ලම් පිස්තොලයක් කියලා. පොලිසිය තබේකට ගනන් ගත්තේ නැ. මං කිව්වා ඕක ගෙනාවේ දිවුලපිටියේ මාගේ අයියා ලග තිබිලා කියලා. අයියා එක එක වර්ගයේ අකෘති එකතු කරනවා. මං මේක දැකලා ලස්සන නිසා අරන් ආවා. පස්සේ මාව පෙබරවාරි 13 වෙනිදා හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරලා රදවා තබා ගැනිමේ අවසරයක් අරන් නැවැත මාව පොලිසියට ගෙනැල්ලා ප්‍රශ්න කරන්න ගත්තා. මං ඉතින් මොනවා කියන්න ද මං දන්නේ අයියා ලග තිබිලා ගෙනවා කියන්න විතරයි. නැවැත මාව අධිකරණයට ඉදිරිපත් කලා. එදා මාව හිරේ දැම්මා. මං හිටියේ පොලොන්නරුවේ හිර ගෙදර. එදා ඉදලා මාසයට දෙපාර ගානේ මාස නවයක් ගෙනවා හිගුරක්ගොඩ උසාවියට ගෙනාවා ග ඒ හැම වේලාවේම නඩුකාර තුමා පොලිසියෙන් අහන්නේ රස පරික්ෂන වර්ථාව ආවාද කියලා. පොලිසියෙන් නැ කිව්වාම ආපහු හිර ගෙදර. බැරිම නැත නිතිඥ මහත්තයෙක් අල්ලලා රජයේ රස පරික්ෂන එකට දෙපාරක් සිහි කැදවලා ලිපි දැම්මා. එවට කිසිම පිලිතුරක් නැ. කොහොම හරි අවසානයේ 2019.11.27 දින හිගුරක්ගොඩ උසාවියෙන් මාව නිදහස් කලා නිදොස් කියලා. මං නිතිඥ්‍ය මහත්තයාගෙන් ඇහුවා ඇයි මාව නිදහස් කලේ කියලා. එතුමා කිව්වා එක සෙල්ලම් ප්‍රිස්තෝලයක් කියලා රස පරික්ෂණ වර්ථාවේ එවලා තියෙනවා කියලා. ඒ වර්තාව එනකොට අයියාගේ රැකියාව නැ. ගමේ අය කුලියක්වත් දෙන්නේ නැති නිසා ඈත ගම්වලට ගිහින් කුලි වැඩ කරලා ලමයින්ට කන්න දිලා තියෙනවා. මං හිරේ යනකොට මාගේ පොඩි දුවට මාස 04යිග පුතාට අවුරුදු 05යිග පාතාලේ එකාගේ ගැණියි ලමයි දෙන්නයි කියලා නිතර ම ගමේ මිනිස්සු කියලා. දරුවන්ට කිරි , කන්න දෙන්න විදිහක් නැතුව පුදුම විදියට දුක් විදලා තියෙනවා. මාව බලන්න ලමයි දෙන්නත් එක්ක උසාවියටයි හිර ගෙදරටයි එන්න සල්ලි නැතුව පුදුම දුකක් විදලා තියෙන්නේ.

මේ සෙල්ලම් පිස්තෝලයක් නිසා මාගේ දරුවෝ අද බඩ ගින්නේ කන්න අදින්න දෙන්න විදියක් නැ. දන්න කෙනෙක් ආයතනයක රස්සාවක් දෙන්නේ ප්‍රිස්තෝලයක් ලග තියන් ඉදලා හිරේ ගිය පාතාලේ එකෙක් කියලා. 

මටත් මාගේ අයියාටත් අද මේ තත්වය උදා වුනේ අපේ රටේ පොලිසියේ වරදින් සහ රජයේ වරදින් මින් ඉදිරියට මෙහෙම දෙවල් නොවෙන්න මේ දෙගොල්ල වග බලා ගන්න ඕනි.

ගරු ජනාධිපති තුමණි ලොකේ කොයි තරම් දියුණු වුනත් අද ලංකාවේ රස පරික්ෂණ වාර්ථාවක් එන්න අවුරුද්දක් දෙකක් යනවා. මේක වහාම වෙනස් කරන්න නැති නම් අපි වාගේ අහිංසක දරු පවුල්වලට කවදාහරි වහ බොන්න තමයි වෙන්නේ. රජයේ රස පරික්ෂකවරයාගේ රාජකාරිය නිසි වේලාවට ඉටු නොවිමත් පොලිසිය තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරිමත් නිසා අද අපේ රටේ දහස් ගණනක් හිර ගෙවල්වල අවුරුදු ගණන් හිර බත් කන්න වෙලා තියෙන්නේ ඒ නිළධාරින්ගේ වරදින් . ඒ නිසා එක පළාතකට එක රස පරික්ෂකවරයෙක් ගානේ හරි බදවාගෙන රටේ ජනතාව අවුරුදු ගණන් වරදක් නොකර හිරබත් කන්න වෙන එක වහාම නවත්වන්න කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ විතරක් නෙවේයි මාව අත්අඩංගුවට ගන්න අවශ්ථාවේ පොලිසිය මාගේ ජංගම දුරකථනය සහ ජාතික හැදුණුම්පත ගත්තා. පස්සේ දුරකථනය දුන්නා. හැදුනුම්පත නැ. මම නිදහස් වෙලා ආවට පස්සේ හිගුරක්ගොඩ පොලිසියට ගිහින් කිව්වා මාගේ හැදුනුම්පත එදා අරන් අපිට දිලා නැ කියලා. පොලිසිය කියනවා එක නැති වුනා කියලා පැමිණිල්ලක් දාන්න කියලා. 2019-පෙබරවාරි -15 නැති වුනා කියලා පැමිනිල්ලක් දාන්න කිව්වා. මං දැම්මා. ඒ දිනය වෙනකොට මම හිර ගෙදර ඒ වෙනකොට මා සතුව තිබුනේ ඇගේ තිබුණ ඇදුම් ටික විතරයි. ඔන්න ඔය විදියට තමයි අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ. සෙල්ලම් ප්‍රිස්තෝලයට මාස 10ක් හිර බත් කෑවා. පොලිසියෙන් අයි ඩින්ටිය නැති කරලා මම හිරේ ගියපු දවසේ ටවුමේ දි නැති වුනා කියලා පැමිණිල්ලක් දාන්න කිව්වා ඔන්න රටේ නිතිය. මට වුන අසාධාරනය නිසා මගේ දරුවෝ අසරණ වෙලා මට රැකියාවක් නැ. කුඩු විකුණන්න, මංකොල්ල කන්න ඒ වාගේ දෙවල් කරන්න කැමැති නැ. අපි දුප්පත් මිනිස්සු දරුවන්ගේ අවශ්‍ය දෙවල් කර ගන්න මුදල් නැති වෙනකොට එවා ඉල්ලලා දරුවෝ අඩනකොට ඉසන්න බැ. හොරකම් සහ නිතියට විරුද්ධව වැඩ නොකර ලැට් හොදන්න හරි කමක් නැ. මේ මාගේ දුරකථනය 0769941116 මොකක් හරි ආයතනයක දරුවෝ ටික ලොකු කර ගන්න මට රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා යැයි ඔහු කිය.

හිගුරක්ගොඩ -ප්‍රියා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();