ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පාකිස්තානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී ත්‍රිත්ව ශතකයක් රැස් කිරීමට සමත්විය.
මේ ප්‍රහාරාත්මක පිතිකරුවා පෙරේදා ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේදී නොදැවී ලකුණු 335ක් රැස් කරමින් සිය ටෙස්ට් දිවියේ ඉනිමක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ වසර 7කට පසුව ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් රැස් කළ පළමු ඔස්ට්‍රේලියානු පිතිකරුවා බවට පත් වෙමිනි. මීට අමතරව පාකිස්තානයට එරෙහිව ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ සිවුවැනි පිතිකරුවා ද වෝනර්ය.
එමෙන්ම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක් ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර දෙවැනි තැනට පත්වීමට ද වෝනර් සමත්විය. ඩේවිඩ් වෝනර්ගේ වාර්තාගත ඉනිමත්, අංක 3 පිතිකරු මානස් ලබුස්චෙග්නි රැස් කළ ලකුණු 162ත් හේතුවෙන් මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල කඩුලු 3කට ලකුණු 589ක් රැස් කරමින් සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබීය. වෝනර් සහ ලබුස්චෙග්නි එක්ව දෙවැනි කඩුල්ලට වාර්තාගත ලකුණු 361ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ද සමත්විය.
ඔස්ට්‍රේලියානු ඉනිමේ කැපී පෙනෙන තවත් සිදුවීමක් වූයේ සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් ලකුණු 36ක් රැස් කරමින් ලෝක ටෙස්ට් තරග බිමේ වේගවත්ම ලකුණු 7000 සම්පූර්ණ කිරීමට සමත්වීමය. ඔහු විසින් බිඳ දමනු ලැබුවේ වසර 73ක් පැරැණි වාර්තාවකි. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඊයේ ලකුණු 302කට දැවී ගියේ ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 287ක් පසුපසින් සිටිමිනි. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට නැවත පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 39කි. ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා තවත් ලකුණු 249ක් රැස් කළ යුතුව තිබේ.


0 Comments