දිවයින පුරා සියලුම පාසල් දරුවන්ගේ සැගවුණ කුසලතා සහ නව තාක්ෂණික නිර්මාණ හදුනාගැනීමේ නව වැඩ සටහන් මාලාවක් නව පාසල් ආරම්භයත් සමඟ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.අද (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයක වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.
මේ වන විට ග්‍රාමිය මට්ටමේ විශාල වශයෙන් විවිධ කුසලතා වලින් පරිපූර්ණ සිසුන් සිටින බවත් එම සිසුන් හට ජාතික ,ජාත්‍යන්තර තලයේ දොරගුලු මෙතෙක් විවෘත නොවීම හේතුවෙන් දරුවන්ගේ හැකියාවන් දරුවන් සමගම පාසල් අවසානයේ අවසන් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


0 Comments