Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලොන්නරුව ඉරහඳකෙටූවැව විදුහල් සිසුන්ට පාසල් උපකරණ

පාසල් ගොඩනැගිලි, ඉදිකිරීමෙන් පමණක් නොනැවතී, වර්තමානයේ ප්‍රමුඛතාව දිය යුත්තේ පාසල් ළමුන්ගේ මනස සංවර්ධය කිරීමට බව අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන හිමිපාණෝ අවධාරණය කරති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ (28දා) පොලොන්නරුව දිය බෙදුම, ඉරහඳකෙටූවැව මහා විද්‍යාලයේ පැවති, උත්සවයකට සහභාගි වෙමිනි. උපරතන පාරමිතා පදනම මගින් පාසල් දරු දැරියන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති මේ උත්සවයේ දී උපරතන හිමියන් කියා සිටියේ, විභාග සහතිකයක් ලද පමණින් දරුවෙක් අංගසම්පූර්ණ නොවන බවයි. දරුවකුගෙන් සමාජයට ප්‍රයෝජනයක් වන්නේ ඔහු හෝ ඇය තුළ මානුෂික ගුණාංග වැඩි දියුණු කිරීමෙන් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

ඒ සඳහා පාසල තුළ හොඳ ගුණාත්මක පසුබිමක් නිර්මාණය වී තිබිය යුතු බවත් ඊට ගුරුවරුන්ගේ මඟ පෙන්වීම අතිශය වැදගත් බවත් උපරතන නායක හිමිපාණෝ අවධාරණය කළහ. ‘සංවර්ධන පිළිබඳ අපි බොහෝ උපහැරණ දැක්වූවත්, බොහෝ ජනයා තවමත් දුප්පත්කමෙන් නිදහස් වී නොමැත, එහි භයානක ප්‍රතිඵලය වන්නේ, දරුවකුට නිසි අධ්‍යාපනයක් ලබා දීමට මාවුපියන්ට අවකාශ අහිමිවීමයි. නිසි අධ්‍යාපනයක් නොලැබීම තුළ එය වක්‍රව රටේ සංවර්ධනයට බලපෑමක් වී තිබේ.

සපත්තු පැළඳ සිටින බොහෝ ළමුන් අතර සෙරෙප්පු දෙකක් දමා සිටින දරුවන් ද, එතැනින් ද නොනැවතී, තවත් ළමුන් කොටසකට සෙරෙප්පු දෙකක් හෝ නොමැතිව සිටීම තුළ කියවෙන යථාර්ථය සියලු දෙනා තේරුම් ගත යුතු බවද කටුගස්තොට උපරතන නායක හිමිපාණෝ වැඩිදුරටත් අවධාරණය කළහ. මේ අවස්ථාවට ඉරහඳ කෙටූ වැව විද්‍යාලයේ විදුහල්පති එස්. එම්. ඒකනායක මහතා ඇතුළු ගුරුවර ගුරුවරියන් හා සිසුහු සහභාගී වී සිටිහ. මේ අතර දී දිඹුලාගල කළුකැලේ, ශ්‍රී සීලාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් සඳහා ද උපරතන හිමියන් විසින් පාසල් උපකරණ ප්‍රදානය කරන ලදි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();