ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක පරිසර ආරක්ෂණ හා නගර අලංකරණ වැඩසටහනට සමගාමීව මහනුවර නගරය පිරිසිදු කිරීම පසුගියදා සිදු කෙරුණි.
මහනුවර මූලස්ථාන පොලීසියේ මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩසටහනට නගර සභාව,මහනුවර ව්‍යාපාරික සංගම්,මහනුවර ත්‍රිරෝද රථ සංගම් හා පරිසර සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසකගේ සහාය හිමිව තිබිණි.
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම,ඔරලෝසු කණුව,මධ්‍යම වෙළෙඳ පොළ ඇතුළු ජනාකීර්ණ ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
දිරාපත් නොවන ප්ලාස්ටික් බෝතල්,පොලිතීන් ඇතුළු අවිධිමත් ලෙස පරිසරයට මුදාහැර තිබුණු අපද්‍රව්‍යය විශාල තොගයක් මෙම වැඩසටහන යටතේ එක්රැස් කර විනාශ කිරීමට පොලීසිය කටයුතු කර තිබිණි.
මෙම අවස්ථාවට මහනුවර පුරපති කේසර සේනානයක,මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ,මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.රණවීර යන මහත්වරු ඇතුළු 1500 ක පමණ පිරිසක් සහභාගි වී සිටියහ.
අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සංචාරක


0 Comments