
රන්දෙණිගල හා රන්ටැඹේ රක්ෂිතවල සිටි වන අලි රංචුවක් වික්ටෝරියා ජලාශය ඔස්සේ මෙගොඩට පැමිණ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ ගම්මාන රැසක වෙළෙඳ සැල් හා ගොවි බිම් විනාශ කළ බව එම ගම්වැසියෝ පවසති.
අට දෙනෙකු ගෙන් පමණ සමන්විත අලි රංචුව පෙරේදා (30දා) රාත්‍රියේ ගම්මාන වලට කඩා වැදී මෙම විනාශය කර තිබේ.
වේඬරුව, මැද මහනුවර, අම්බාල, වෑගල, දොරලියද්ද යන ගම්මාන වලට මෙම වන අලි තර්ජනය එල්ලවී ඇත. මහියංගණ මහනුවර ප්‍රධාන මාර්ගයේ වෑගල පිහිටි වෙළෙඳ සැල් පහකට වන අලි පහරදී විනාශ කර තිබෙන බව පොලීසිය පවසයි.
වික්ටෝරියා ජලාශය ඔස්සේ පිහිනා වන අලි මෙයට පෙරද අවස්ථා ගණනාවකදී මෙම ගම්මාන වලට කඩා වැදී වගාවන්ට හානි කරනු ලැබ තිබේ.
වන අලි පහරදීමෙන් වෑගල ප්‍රදේශයේ වෙළෙඳ සැල් විනාශවී තිබෙන අයුරු.
අසේල කුරුළුවංශ හා එස්.කේ සමරනායක
ඡායාරූප- අසේල කුරුළුවංශ


0 Comments