මැතිවරණ සඳහා තැන්පත් කරන ඇප මුදල වැඩි කිරීම, ප්‍රචාරක වියදම් පාලනය ඇතුළු මැතිවරණවලට අදාළ නීති කිහිපයක් කඩිනමින් සංශෝධනයට එකඟතාවකට පැමිණ තිබේ.
අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදී මේ තීරණයට එළඹ ඇත.
එම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එක් වූ බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය, වරාය හා ගුවන්තොටුපොළ වැනි අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන පුද්ගලයින්ට මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිතයට හැකියාව ලැබෙන පරිදි නීති සංශෝධනයට ද එකඟතාව ලැබුණු බව ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


0 Comments