කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය අද ජනපතිට අගමැතිට බාර දෙයි
මේ වනවිට ජරාජීර්ණව පවතින කොළඹ පිටකොටුව පාවෙන වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මර්මස්ථාන තුනක් නැවත යථා තත්ත්වයට පත්කර වෙළෙඳාම දියුණු කරලීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාට අද (02) බාරදෙන බව කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.
පසුගිය රජය කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ කොටුව, පිටකොටුව ප්‍රදේශවල ව්‍යාපාරික දියුණුවට කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූයේ නැතැයි චෝදනා කරන එම සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා පාවෙන වෙළෙඳපොළ, කොළඹ කොටුව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වූ ලෝක වෙළෙඳපොළ, කොළඹ ගෑස්පහ හංදියේ ඉදිකළ ස්වර්ණාභරණ හා මැණික් අලෙවි කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (Gold Center) වැනි ව්‍යාපෘති වල්වැදී ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබීම කනගාටුවට කරුණක් බවද කීය.
වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාවට නැංවූ කොළඹ කොටුව පාවෙන වෙළෙඳ මධ්‍යස්ථානයේ කඩ කාමර 105න් 97ක් මේ වනවිට වැසී ගොස් ඇතැයිද ලෝක වෙළෙඳපොළ ගනුදෙනුවලින් 50% ක් බිඳ වැටී ඇතැයි ද, ජාත්‍යන්තර ස්වර්ණාභරණ හා මැණික් මධ්‍යස්ථානය ගනුදෙනු මුළුමනින්ම බිඳ වැටී ඇතැයිද කීය. ඒ අනුව මේවා නැවත නඟාසිටුවීම සඳහා ගත යුතු පියවර ඇතුළත් වැඩපිළිවෙළක අවශ්‍යතාව හඳුනාගත් අප ඒ සඳහා ඉදිරිපත් කරන අපගේ යෝජනා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, මුදල් ඇමැතිවරයාටත් අද දිනයේ බාරදෙන බවත් කීය.


0 Comments