කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම්
වසර 2015 – 2019 කාලසීමාවේදී ව්‍යාපාරික කටයුතු බිඳ වැටීම නිසා ව්‍යාපාරිකයන් වෙත ගොඩගැසුණේ ලාබය නොව අගරු වූ චෙක්පත් පමණක් බව කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා ප්‍රකාශ කළේය.
මෙලෙස තමන් වෙත ලැබී ගොඩගැසුණු අගරු චෙක්පත් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට යෑමේදී සිවිල් නීතිය යටතේ නඩු පැවරීමක් සිදුකොට මුදල් අයකර ගැනීමට දිගුකාලයක් ගත වන නිසා ව්‍යාපාරිකයෝ අසරණ තත්ත්වයකට පත්ව සිටියහ. ඒ නිසා අගරු චෙක්පත් ලබාදී ව්‍යාපාරික ප්‍රජාව, මහජනතාව අපහසුතාවට පත් කළ පුද්ගලයන්ට එරෙහිව ඉක්මනින්ම නීතිය ක්‍රියාවට නංවා මුදල් අයකර ගැනීමට පහසු ක්‍රමවේදයක් සැකසීම වත්මන් රජයේ අවධානය යොමුවිය යුතු කටයුත්තකැයිද ප්‍රධාන ලේකම්වරයා කීය.
කොළඹ කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ඊයේ (01) දහවල් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා, තම සංගමයේ යුරෝපීය රටවල ශාඛාව ස්ථාපිත කිරීම අද (02) ප්‍රංශයේදී සිදුකරන බවද කීය. ඒ අනුව ප්‍රංශයේ මවු සංගමය ලෙස ස්ථාපිත කරමින් අද පටන් මුළු යුරෝපයේ සියලු රටවල් වෙත ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන, සේවා අලෙවි කිරීමට හැකි ජාත්‍යන්තර වෙළෙඳ පොළක් දිනාදීමේ වැඩපිළිවෙළ ද ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් චමින්ද විදානගමගේ මහතා කීය.


0 Comments