ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වීමෙන් පසු යහ පාලනය ගොඩ නගා තිබෙන වෛරී දේශපාලනය අවසන් ව රට හදන ක්‍රියාන්විතය ආරම්භ වනු ඇති බවත් ,ඒ සඳහා රටට හිතැති සියලු ජන කොටස් එක් විය යුතු බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .
ගත වූ වසර හතර හමාරක් යහපාලකයන් සිදු කර ඇත්තේ රට තිබුණු තැනින් විනාශකාරී තැනකට තල්ලු කර දමා ,රටට ආදරයෙන් වැඩ කළ රාජපක්‍ෂ වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්ගෙන් පළි ගනිමින් වෛරී දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම පමණක් බව කී ඒ මහතා එවැන්නකින් රටක් ගොඩ නැගිය නොහැකි බව මේ වන විට ඔප්පු කර ඇතැයි ද සඳහන් කළේය .
හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,මාතර – තිහගොඩ ,කොටපොළ – වේවැල්වල ,ඕලකුඹුර ,මොරවක – අලුවන සහ පෝරුපිටිය යන ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් ” ජනාධිපතිවරණය සහ රටේ අනාගතය ” මැයෙන් පැවැති විශේෂ සුහද හමු වලට සහභාගී වෙමිනි .
එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .
2005 දී රටේ පාලනය බාර ගත් මහින්ද රාජපක්‍ෂ මහතා 2014 වසර අවසන් වන විට රටට පැහැබර අනාගතයක් උදා කර දුන්නා .ඒ තුළ සාමය සමගිය තිබුණා .සියලු ජාතීන් සතුටින් සිටියා .අද සතුටින් ඉන්නෙ රාජ්‍ය දේපළ සොරකම් කරගත් සොරුන් පමණයි .මුල සිටම රට හදන්න සිදු වෙලා .ජනතාව ජීවත් වන දුක්ඛිත තත්වය ගැන පාලකයන් සංවේදී නෑ .
භික්ෂුන් වහන්සේලා හිරේ දැම්මා . රණවිරුවා මිනී මරුවෙක් ලෙස ලෝකයට පෙන්නුම් කළා .මහින්ද මහත්තය රටට හදල දීපු අභිමානය නැති කළා .ජාතීන් අතර සමඟිය කඩා දැම්මා .සමස්ත ජාතිය ම මේ වගේ කිසිදා අසරණ වුණේ නෑ .අප යළි නිගිටින්න නම් දැක්මක් සහිත රට ගැන හිතන නායකත්වයක් ඕනෑ .ගෝඨාභය මහතා ජනාධිපති වූ පසු රට යහපත් වෙන්න පටන් ගන්නවා .
මහින්ද මහත්තය අගමැති වන ආණ්ඩුව ඒ සමඟ ම නිර්මාණය වෙනවා .දැනට ආණ්ඩුවේ සිටින පිරිසක් ඒ සඳහා සහාය දක්වන්න දැනටමත් තීරණය කරලා .ඊට පසු පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් මානව හිතවාදීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් බිහි කර දීමත් ජනතාව සතු වගකීමක් .පළාත් සභාවත් එහෙම වෙන්න ඕනෑ .එවැනි දේශපාලන පරිසරයක් රජයකට ආලෝකය සපයනවා .
පොදු ජනයා දැන් වෙනස් විදියට හිතන්න පටන් අරන් .එය සියලු නායකයන් තේරුම් ගන්න ඕනෑ .ගම සංවර්ධනය කිරීමෙන් හැර අපට නැගිටින්න වෙනත් විකල්පයක් නෑ .මහින්ද – ගෝඨා ආණ්ඩුවේ ආර්ථික දැක්ම එයයි .හැම පැත්තක් ම දියුණු වන සැළැස්ම ක්‍රියාවට නැගෙනවා .රට වැසියන් හැඟීමෙන් වැඩ කරන්න සුදානම් වෙන්න ඕනෑ .අපේ දරුවන්ට සුන්දර රටක් සාදා දීමේ උදාර අරමුණ සමඟ රට වැසි සියලු දෙනා එක් විය යුතු යැයි ද හෙට්ටිගේ මහතා පැවැසීය .
– Khmedia
0 Comments