Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශන්කර් මහතා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද(29) උදේ හමුවිය

ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ ආරාධනය පරිදි සිය ප්‍රථම නිල චාරිකාව සදහා ඉන්දියාව තෝරාගැනීම පිළිබදව අමාත්‍ය ජයිශන්කර් මහතා ජනාධිපතිතුමා වෙත සිය ප්‍රසාදය පළ කර ඇත.

අසල්වාසින් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මේ චාරිකාව සමඟ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළ ඉන්දීය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ නව රජය අනුගමනය කරන වැඩපිළිවළෙට ඉන්දීය රජයේ පුර්ණ සහාය හිමිවන බව කියා සිටියේය.

ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත නව ප්‍රවේශයකින් ඉන්දු ශ්‍රී ලංකා සබඳතා නව යුගයකට ගෙනයාම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ අපේක්ෂාව බව ජයිශන්කර් මහතා පැවසීය.

දෙරට අතර ව්‍යාපාරික සහයෝගිතාව ගැන සඳහන් කළ ඇමතිවරයා ගුණාත්මක අගයෙන් ඉහළ පාලන තන්ත්‍රයක් පැවතීම ඊට අවශ්‍ය මුලික කොන්දේසිය බව කීය.

එවිට විදේශ ආයෝජන පහසුවෙන් ගලා එනු ඇතැයි ඔහු තවදුරටත් පැවසීය. නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාවේ චාරිකාවක් සඳහා තමාට කළ ආරාධනය ගැන කෘතඥතාව පළ කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ද්විපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කර ගැනිම සිය අපේක්ෂාව බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආටිගල, ජනාධිපතිතුමාගේ ගරු උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් ද, ඉන්දියවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරු සහ ඉන්දියානු සාගර කලාපයේ ඒකාබද්ධ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();