අනුෂ්කා මදුභාෂිණි වැනි සහජ දක්ෂතාවන්ගෙන් පූර්ණ ගායිකාවක් සම්බන්ධයෙන් ගත් කල, ඉතා සංකීර්ණ භාවාත්මක ක්‍රියාවලියක් සහජයෙන්ම ක්‍රියාත්මක වේ. ගාල්ලට කිට්ටු ‘දෙවට’ නම් කුඩා ගම්මානයකින් පැමිණෙන අනුෂ්කා, ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇගේ පියා මිය යන විට ඇයගේ වයස අවුරුදු නවයක් වූ අතර, ඇය තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. අනේක බාධකයන්ට එරෙහිව තවත් බාල සහෝදරියකගෙන් සමන්විත පවුල නඟා සිටුවීමට ඇගේ මවට සිදුවීම නිසා නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දීමට ඇයට සිදුවිය.
කෙසේ වෙතත්, දැඩි උත්ථාන වීර්යකින් යුතුව අනුෂ්කා පාසලේ දී සංගීතය විෂයේ සන්ධිස්ථාන රාශියක් ද පසු කර යමින් තම අධ්‍යාපනය හා කලාව හැදෑරුවාය. යෞවනියක් ලෙස, වසර 2003 සිට 2008 දක්වා අඛණ්ඩව ගායනාව පිළිබඳ සමස්ත ලංකා සම්මාන කිහිපයකටම හිමිකම් ලබා ගැනීම ඇය ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් විය. ජන ගී සිට පොප් ගීත දක්වා මියුරු ලෙස ගායනා කළ හැකි පුළුල් කටහඬ පරාසයක් ඇය සතුව ඇත. අනුෂ්කාගේ ගායනා කිරීමේ සැඟවුණු, සහජ හැකියාවන් නිරාවරණය වූයේ මීට වසර අටකට පෙර ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ 02 වැනි වාරයේදීය. කිරුල දක්වා යෑමට දක්ෂතාවන් පෙන්නුම් කළත්, SMS අඩුවීමේ හේතුවෙන් ඇයට ඉවත්වීමට සිදු විය.
විනිසුරු මඬුල්ලට ආරාධිතයන් වශයෙන් පැමිණි වසන්ත දුක්ගන්නාරාල, ලක්ෂ්මන් විජේසේකර, ඉන්ද්‍රානි පෙරේරා, ඇනස්ලි මාලේවන, භාතිය සහ සන්තුෂ් වැනි සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඉමහත් ප්‍රසාදයට අනුෂ්කා ලක් වූ බව සඳහන් කිරීම උචිතය. සාම්ප්‍රදායික ජන ගීයට ගැළපෙන කට හඬක් අනුෂ්කා සතුව ඇති බවත්, ඇයගේ කට හඬ හා ගායන ශෛලිය ගැන ඔවුන් බෙහෙවින් සතුටට පත්වන බවත්, ප්‍රේක්ෂකයා ඇද බැඳ ගැනීම සඳහා ඇය මහත් ආත්ම සංයමයකින් ගායනා කරන බවත්, එම ගුණාංගයන් අනිවාර්යෙන් දක්ෂ ගායිකාවකගේ ලක්ෂණ බවත් ඔවුන් සඳහන් කර ඇත.
අනුෂ්කා 2014 සහ 2015 වර්ෂවල දී, ගායන අංශයෙන් ශ්‍රී ලංකා තරුණ සම්මානය දිනා ගත්තාය. ඇය සාමාන්‍ය මනුෂ්‍යයන්ට වඩා බෙහෙවින් වෙනස් නිහතමානී චරිතයකි. කීර්තිය හා ප්‍රසිද්ධියට අකමැති ඇය පුද්ගලයන් අතර ගැවසෙන නමුත්, කැපී පෙනීමට ඉදිරිපත් නොවේ. ‘ඩ්‍රීම් ස්ටාර්’ තරගයෙන් ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබීම නිසා, ඇයට තරුවක් බවට පත්වීමේ අවකාශයක් තිබුණද, ඇය ප්‍රසිද්ධිය හඹා නොගියාය. ගායනා කිරීම සඳහා ගෙවීම් භාර නොගැනීම නිසා අනුෂ්කා මේ ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකු මවිතයට පත් කළාය.
ඇය ප්‍රසංග වේදිකාවේ ගායනා කිරීමට අවස්ථා ලබා නොගත්තත්, පුණ්‍ය කටයුතු සඳහා පමණක් අහඹු ලෙස කැමැත්තෙන්ම ගායනා කිරීමට ඉදිරිපත් වන අවස්ථා ඇත. ඇයගේ මූලික අභිප්‍රාය වූයේ වෘත්තීමය වශයෙන් ‘මානව වංශ සංගීත විද්‍යාව’ (Ethnomusicology) පිළිබඳ විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීමයි. ඇයගේ සිහිනය සැබෑ වූයේ ඇය දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයට තෝරාගත් අවස්ථාවේදීය. පළමුවන පන්තියේ ගෞරව සහිතව උපාධිය ලබා ගැනීමෙන් පසු, ඇය මුලින්ම එක් වසරක් ගාල්ලේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සංගීත ගුරුවරිය ලෙස පත්වී සේවය කළාය. කෙසේ වෙතත්, සංගීතය හා බැඳී වෘත්තියක් තෝරා ගැනීම වඩාත් ප්‍රඥාගෝචර බව සිතු ඈ දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් පිළිගැනීමට විචක්ෂණශීලී වූවාය.
දැනට ඇය එම අංශයෙහිම බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි. ඒ අතරතුර, ඇය ප්‍රායෝගික හා පර්යේෂණ සංගීතය හැදෑරුවාය. ඇයගේ වර්තමාන අභිලාෂය වන්නේ, විශේෂයෙන් ජර්මනිය වැනි විදේශීය විශ්වවිද්‍යාලයක ‘මානව වංශ සංගීත විද්‍යාව’ (Ethnomusicology) පිළිබඳ ආචාර්ය උපාධියක් සඳහා කියවීමයි. මේ අභිලාෂය සාක්ෂාත් කර ගත් විට අනුෂ්කාගේ දැඩි ආශාව වනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තම ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධියක් ලබා ගැනීම තුළින්, ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට ඇයගේ අතිමහත් විශේෂ දැනුම ලබා දීමයි.


0 Comments