Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පත් කිරීම් සදහා ජනපතිගෙන් සය පුද්ගල කමිටුවක්

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සයදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් සහ රාජ්‍ය අංශය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, ආචාර්ය ප‍්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන පිරිසගෙන් සමන්විතයි.

සුදුසුකම්ලත් වෘත්තිකයන් පිළිබඳ නිර්දේශ 2019 දෙසැම්බර් 18 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති කාර්යාලය කමිටුව වෙත දැනුම් දී ඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();