Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාන්ත තෝමස් ඉනිමකින් දිනයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන සිංගර් කුසලාන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවුරුදු 19න් පහළ පළමු කොටසේ තරගයකදී ඉනිමක සහ ලකුණු 50 විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

සාන්ත තෝමස් පිටියේ පැවැති තරගයේදී සත්කාරකයන් හමුවේ යාපනය සාන්ත ජෝන් විදුහල පරාජයට පත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සාන්ත ජෝන් විදුහල ලකුණු 98කට සීමා කළ සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පළමු ඉනිම අත්හිටවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 250ක් ලබා සිටියදීය. ලකුණු 152ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු සාන්ත ජෝන් පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 102ක් පමණි.

සා.ජෝන් පළමු ඉනිම - 98 (30.5) ඇන්ටන් අභිෂේක් 38 (යසිරු රොද්‍රිගෝ 22/6, දිලුම් රත්නායක 12/2) සහ දෙවැනි ඉනිම - 102 (ඕවර 44.4) එම්.සවුමින් 28 (දිලුම් රත්නායක 53/5, උමයංග සුවාරිස් 0/2)

සා.තෝමස් පළමු ඉනිම - 250/7 (ඕවර 64) ඩෙවොන් ප්‍රනාන්දු‍ 76, උමයංග සුවාරිස් 41 (විතුශාන් 73/3, එස්. ෂරාන් 91/2)

දිනිත් කඩුලු 11යි

දිනිත් නෙලුම්දෙණියගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් කුරුණෑගල මලියදේව විදුහල සමග පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට ධර්මපාල විදුහලට හැකිවිය.

පන්නිපිටිය ධර්මපාල විදුහල් පිටියේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ධර්මපාල විදුහල පළමු ඉනිමට ලකුණු 132ක් රැස්කළ අතර මලියදේව විදුහලට ලබාගත හැකිවූයේ ලකුණු 98ක් පමණි. මේ තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිතරවූ දිනිත් නෙලුම්දෙණිය මලියදේව පළමු ඉනිමේදී කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.

ධර්මපාල පළමු ඉනිම - 132 (ඕවර 37.4) නවිඳු නවීන් 39 (සකිඳු විජේරත්න 24/2, බ්‍රයන් කරුණානායක 25/2, මතීෂ වීරසිංහ 30/2) සහ දෙවැනි ඉනිම -141 (ඕවර 45.3) නදීෂ බණ්ඩාර 32 (සකිඳු විජේරත්න 22/4, ගයාන් වීරසිංහ 26/4, බ්‍රයන් කරුණානායක 37/2)

මලියදේව පළමු ඉනිම - 98 (ඕවර 46.3) (දිනිත් නෙලුම්දෙණිය 31/6, විහඟ ගුණරත්න 24/2) සහ දෙවැනි ඉනිම - 83/8 (ඕවර 28) (දිනිත් නෙලුම්දෙණිය 39/5, තිසර සිෂාර 21/2)

දිනුක් විශාල් 102යි

වත්තල සාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර වත්තලදී පැවැති පළමු කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය.

මේ තරගයේදී සාන්ත අන්තෝනි පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ දිනුක් විශාල් ලකුණු 102ක් රැස්කළ අතර කනිෂ්ක ගිම්හාන් ලකුණු 91ක් ඉනිමට එක් කළේය.

සා.අන්තෝනි පළමු ඉනිම - 323/8 (ඕවර 92) දිනුක් විශාල් 102, කනිෂ්ක ගිම්හාන් 91, අබ්දුල් රහුමාන් 45 (දුමිඳු බණ්ඩාර 38/2, දිමුතු දමිෂ්ක 52/2)

කිංග්ස්වුඩ් පළමු ඉනිම - 98/4 (ඕවර 41) දිමිදිය පොල්කොටුව නොදැවී 30 (කවීෂ දුලංජන 26/2)

චමිඳුගෙන් අර්ධ ශතකයක්

මහනුවර සාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර පැවැති පළමු කොටසේ තරගයත් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

අන්තෝනි විදුහල් පිටියේ පැවැති මේ තරගයේදී සත්කාරක කණ්ඩායම වෙනුවෙන් චමිඳු ජයසිංහ ලකුණු 67ක් රැස්කළ අතර නිම්නක ජයතිලක පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 60කට වෙස්ලි කඩුලු 5ක් බිඳ දැම්මේය.

සා.අන්තෝනි පළමු ඉනිම - 266/7 (ඕවර 65) චමිඳු ජයසිංහ 67, දයාන් පංකජ 46 (එස්.සකීර්තන් 68/3, නිම්නක අධිකාරි 45/2)

වෙස්ලි පළමු ඉනිම - 172/8 (ඕවර 62) (නිම්නක ජයතිලක 60/5)

ඩඩ්ලි සේනානායක විදුහලට ජය

තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කෑගලු විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයක් හිමිකර ගැනීමට තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහල සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කෑගලු පළමු ඉනිම ලකුණු 94කට සීමාකළ සේනානායක විදුහල් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 171ක් රැස් කළහ. ලකුණු 77ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු කෑගලු ක්‍රීඩකයෝ ලකුණු 111කට දැවී ගිය අතර ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 35ක ඉලක්කය කිසිවකු නොදැවී සපුරා ගැනීමට සේනානායක කණ්ඩායමට හැකිවිය.

කෑගලු පළමු ඉනිම - 94 (ඕවර 29) (චානුක විජේසිංහ 10/2, නිමේෂ් ප්‍රියදර්ශන 26/2) සහ දෙවැනි ඉනිම - 111 (ඕවර 34.2) සසිඳු බස්නායක 29 (දේශාන් ප්‍රියදර්ශන 15/3, කවිෂ්ක ජයලත් 5/2, චානුක විජේසිංහ 24/2, උදිත කුමාර 30/2)

ඩඩ්ලි සේනානායක විදුහල් පළමු ඉනිම - 171 (ඕවර 40.1) උවිඳු කෞෂල්‍ය 38, අකාෂ් ලියනගේ 38 (මාලක කවිෂ්ක 47/5, සනුද බණ්ඩාර 26/3) සහ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 35 (ඕවර 6.2)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();