Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (06)නිකුත් කෙරිණ.
 
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කෑගල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍යයෙන් අවම ලකුණු සීමාව 159කි. 
 
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව 154ක් වේ. අගෝස්තු 04 වැනි දින ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,995කදීය. ඊට සිසුන් තුන් ලක්‍ෂ තිස් දෙදහස් එකසිය හැත්තෑ නව දෙනෙකු පෙනී සිටියහ. අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව තුන් ලක්‍ෂ තිස් නව දහස් හාරසිය දහයක්. මෙවර ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් සංඛ්‍යාව 15,000 සිට 20,000 දක්වා වැඩි කෙරේ. ඒ අතරින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන්කර තිබේ.
 
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන්ට හෙට පෙරවරු 9.00න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණ ලබාගත හැකිය. අනෙකුත් පාසල්වල ප්‍රතිඵල එම පාසල් වෙත තැපැල් කිරීමට නියමිතය.
 
සිසුවෙකුට ලකුණු නැවත පරීක්‍ෂාවක් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඔක්තෝබර් 21 වැනිදාට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් මගින් අභියාචනා ඉදිරිපත් කළ හැකිය. www.doenets.lk යන වෙබ් අඩවියෙන් විභාග ප්‍රතිඵල පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();