Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෙම් යුවළකගෙන් කප්පම් ගත් කොස්තාපල් අත්අඩංගුවට

රත්මලාන, බොරුපන ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ සිටි පෙම් යුවළකගෙන් රුපියල් 30,000 ක මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයාට චෝදනා එල්ල වී ඇත්තේ, පසුගිය දෙවැනි දින රාත්‍රියේ මෝටර් රථයක් තුළ සිටි පෙම් යුවළක් අශෝභන ලෙස හැසිරුනු බවට පවසමින් ඔවුන් බිය ගන්වා රුපියල් 50,000 ක මුදලක් ලබාදෙන ලෙස බලකර පසුව පෙම්වතාගෙන් රුපියල් 30,000 ක මුදලක් ලබාගත් බවටයි.

එළෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගල්කිස්ස පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නායක පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();