ජනාධිපතිවරණය සදහා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම මේවන විට ආරම්භ වී තිබේ.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී නාමයෝජනා භාරගැනීම අද (07) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුවේ.
ඇප මුදල් තැන්පත් කර ඇති සියලුම අපේක්ෂකයින්ට අදාළ කාලය තුළ නාමයෝජනා භාරදීමේ හැකියාව පවතින අතර එලෙස භාරදෙන නාමයෝජනා වෙනුවෙන් විරෝධතා දැක්වීම සදහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


0 Comments