ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවී ඇති බව ඉහළම පෙළේ දේශපාලන ආරංචි මාර්ග අප වෙත පවසයි.
ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පරිසක් සමග පැවති සාකච්චාවේදී මෙම තීන්දුව ගෙව ඇති බව එකී ආරංචි මාර්ග පැවසීය.
ඒ අනුව ඊයේ රාත්‍රියේ පැවැත්වැති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දී ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයාට සහය දක්වනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ගැනීමේ බලය ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව මගින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පවරා ඇතැයි එම පක්ෂය සඳහන් කරයි.
කෙසේ වෙතත් මීළඟ මහ මැතිවරණයේදී වෙනත් පොදු ලකුණක් යටතේ තරග කිරීම සඳහා දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇති ව තිබෙන බවද වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් පොහොට්ටුව ලකුණින් ඇප මුදල් තැන්පත් කර ඇති බැවිනි මේ මොහොතේ ලකුණ වෙනස් කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී මාධ්‍ය වෙත කියා සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මීට ඉහතදී දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේ පොහොට්ටුව සමඟ සන්ධාන ගතවන්නේ නම් පොදු ළකුණකින් එම අපේක්ෂකයා ඉදිරිපත් විය යුතු බවය.
ශ්‍රිලනිපය මෙතෙක් ජනාධිපතිවරණය සම්බන්ධව සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර නොමැති අද(6) උදෑසන පවත්වන මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයාගේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
ශ්‍රිලනිපය යලිත් දෙකඩ කැඩේ
මේ අතර ශ්‍රිලනිපය අභ්‍යන්තර ආරංචිමාර්ග බවසන ආකාරයට ශ්‍රිලනිපයේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එකගත්වයතිව් පසුවන බවද අපවෙත වාර්තාවේ
0 Comments