Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි කියන්න.

රටේ ආදායම ණය පොලී හා වාරික ගෙවන්නත් ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හා බදුවලින් 20% කපාහැරීමටත්, ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීමටත් අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි ප‍්‍රායෝගිකව පිළිගත හැකි විසඳුමක් රටට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති  පැවසීය. ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

රටේ ආදායම රුපියල් බිලියන 2000යි. ණය පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 1800ක් අවශ්‍යයි.  රට ගෙනියන්න ඉතිරි වෙන්නේ බිලියන 200ක් වෙද්දී ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහැරීමට බිලියන 100කුත් බදු කපාහැරිමට බිලියන 400කුත් පොහොර නොමිලේ ලබාදීමට බිලියන 400කුත් සොයාගන්නේ කෙසේද? ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින්න කතා කරන අය ඇත්තටම කළ යුත්තේ මුලින්ම මේ ආයතන මහ බැංකුවෙන් නිසි නියාමනයකට ලක් කිරිමයි. යනුවෙන් එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

 

The post බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි කියන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments