Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉරානය විසින් ඩ්‍රෝන් ප්‍රහාර සිදු කර ඇතැයි සෞදියෙන් චෝදනා

19 සැප්තැම්බර්, 2019

බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරය ඉරානය විසින් සිදු කර ඇති බවට තහවුරු වී ඇතැයි සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඔවුන් පැවසුවේ, ප්‍රහාරය එල්ල වූ ඩ්‍රෝන හා කෘස් මිසයිලවල සුන්බුන් නිරීක්ෂණයේදී ඒවා ඉරානයේ බවට තහවුරු වන බවයි.

ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 18 ක් හා කෘස් මිසයිල 07 ක් යොදා ගෙන ඇතැයි වාර්තා වන අතර ඉරානය විසින් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

මේ අතර ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් අඩපණ වූ සිය බොරතෙල් නිෂ්පාදන කටයුතු ලබන මස අග වනවිට යථා තත්ත්වයට පත් කරන බව සෞදි අරාබිය ප්‍රකාශ කළේ ය.

සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය අබ්දුලාසිස් බින් සල්මාන් මේ බව සඳහන් කළේ, එම ප්‍රහාරයෙන් එරට බොරතෙල් නිෂ්පාදන කටයුතුවලින් අඩක්ම අඩපණව ඇති පසුබිමකදීයි.

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();