ගනේමුල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකට හෙට (25) සහ අනිද්දා (26) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කඩවත පිටත වට රවුම් අධිවේගී මාර්ගය හරහා ඉදිකරන ලද පාලම අසල සිදුකරන ඉදිකිරිමක් හේතුවෙනි.
ඒ අනුව කඩවත ගනේමුල්ල මාර්ගයේ කොස්සින්න සිට කිරිදිවිට දක්වා සියලුම අතුරු මාර්ගවල හෙට (25) පෙරවරු 09.00 සිට බ‍්‍රහස්පතින්දා (26) අලුයම 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි නියමිතය. ඊට අමතරව ගනේමුල්ල , ගලහිටියාව , නැදුන , කටුවාලමුල්ල , පරකන්දෙණිය , පහල යාගොඩ සහ හොරගොල්ල ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට සැලසුම් කර තිබෙනවා. මාකිලන්ගමුව , තිබ්බටුගොඩ, කුඩාබොල්ලත , මිදෙල්ලවිට , රත්මල්විල සහ කොස් ඕවිට ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.
එහි දෙවන අදියර ලෙස තවත් ප‍්‍රදේශ කිහිපයකට හෙට පස්වරු 03.00 සිට බ‍්‍රහස්පතින්දා පෙරවරු 09.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ඒ අනුව කඩවත ගනේමුල්ල මාර්ගයේ කඩවත සිට පොල්හේන දක්වා සියලුම අතුරු මාර්ගවල සහ වැලිපිල්ලෑව , දංගහවෙල , ඉහල කරගහමුන , මහර-නුගේගොඩ ප‍්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේය.
0 Comments