නාවික හමුදාව විසින් යාපනය මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු ඊයේ (18 ) දා අත් අඩංගුවට ගෙන තිබේ.
මේ අත් අඩංගුවට ගැනීමේදී ඉන්දීය ධීවරයින් පැමිණි ටෝලර් යාත්‍රාව ද අල්ලන ලද විශාල ප්‍රමාණයක මසුන් තොගයක් ද ධීවර ආම්පන්න ද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනය මුහුදු සීමාවේ කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදිය.
එහිදී ඉන්දීය ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂ ණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධිආරක්ෂක වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
(උතුරු පළාත් විශේෂ-රසුල දිල්හාර ගමගේ)
0 Comments