Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සවුදි තෙල් ප්‍රහා­රය තවත් යුද්ධ­යක පෙර­මඟ සල­කු­ණු ද?

21 සැප්තැම්බර්, 2019

 

සු­ගිය සති අන්ත­යේදී ලොවේම අව­ධා­නය යොමු වූයේ සවුදි අරා­බියේ තෙල් ළිංව­ලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහා­රය වෙතය. පසු­ගිය 14 වැනි දා සෙන­සු­රාදා උතුරු සවුදි ප්‍රදේ­ශයේ අහස වසා­ග­නි­මින් පැමිණි ඩ්‍රෝන යානා 18ක් සහ කෘෘස් මිස­යිල 7ක් ස්වකීය ඉලක්ක නිසි පරිදි ලබා­ග­නි­මින් මේ ඛනිජ තෙල් ගබඩා සහිත මර්ම­ස්ථාන දෙක මතට පතිත විය. ඒ හේතු­වෙන් ඒ ස්ථාන දෙක සම්පූ­ර්ණ­යෙන් විනාශ වූ අතර ලෝක වෙළෙ­ඳ­පොළේ තෙල් මිල ඉහළ යෑමේ තර්ජ­න­යක්ද මතු විය.

හදි­සියේ එල්ල වූ එම ප්‍රහා­රය ලොවම තිගැ­ස්මට පත් කළ අතර තවත් යුද්ධ­යක පෙර­මඟ සල­කුණු දැයි බියක්ද පැතිර ගියේය.

සෙන­සු­රාදා දිනයේ ප්‍රහා­රය එල්ල වූ අතර බදාදා වන විට අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් පෙම්පියෝ සවු­දියේ හදිසි සංචා­ර­යක නිරත විය. දෙරට අතර සබ­ඳ­තා­වට වෙනත් සාක්ෂි අවශ්‍ය වන්නේ යැයි කිව නොහැ­කිය. කෙසේ වුවද අමෙ­රි­කාව සහ සවු­දිය විසින් ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් චෝදනා එල්ල කරනු ලැබුවේ ඉරා­න­ය­ටය. ඒ ප්‍රහා­රය ඉරා­නයේ ආධාර ලබන යේමන හවුති කැර­ලි­ක­රු­වන් විසින් එල්ල කරන ලද ප්‍රහා­ර­යක් බව දෙර­ටේම නිසැක අනු­මා­නය විය. ඔවුහු ඒ බව තහ­වුරු කිරීම සඳහා සාක්ෂි ඒක­රාශී කළහ.

තෙල් ළිං ආස­න්න­යෙන් සොයා ගන්නා ලද ඩ්‍රෝන යාත්‍රා­වල නෂ්ට වී ගිය කැබලි මාධ්‍ය වෙත ප්‍රද­ර්ශ­නය කර­මින් සවු­දිය පවසා සිටියේ ඒ යානා ඉරා­න­යට අයත් බවයි.

පසු­ගිය දින­වල අමෙ­රි­කාව දිගින් දිග­ටම ඉරා­න­යට එරෙ­හිව සම්බා­ධක පැනවූ අතර ඉරා­නය සමඟ ගනු­දෙ­නු­වල නිරත වන සෙසු රට­ව­ල­ටද අමෙ­රි­කාවේ තර්ජ­න­ව­ලට මුහුණ දීමට සිදු විය. ඒ ප්‍රහා­ර­යෙන් පසු තම ඇඟිල්ල ඍජු­වම ඉරා­න­යට එල්ල කළ අමෙ­රි­කාව මෙයට ඉරා­නය වග­කිව යුතු බවත්, ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ඉරා­න­යට වන්දි ගෙවී­මට සිදු වන බවත් පවසා සිටියේය.

කෙසේ වුවද ඉරා­නය ඒ චෝදනා සියල්ල ප්‍රති­ක්ෂේප කර­මින් පවසා සිටියේ ඩ්‍රෝන ප්‍රහා­ර­යට තමන් කිසි­සේත් සම්බන්ධ නැති බවයි.

ඉරා­න­යට ප්‍රති­චාර ලෙස තමන්ට බොහෝ දේ කළ හැකි යැයි අමෙ­රි­කාව පව­සන විට ඉරා­නය පවසා සිටියේ තමන්ට එසේ කළ හොත් තම­න්ටද දැක්විය හැකි ප්‍රති­චාර රාශි­යක් ඇති බවයි. කෙසේ වුවද මැද­පෙ­ර­දිය යුද්ධ­යක් ඇති කිරීමේ අර­මු­ණක් මේ පාර්ශ්ව දෙක­ටම නැති බවට සාක්ෂිද දක්නට ලැබේ.

මේ අතර සවුදි බල­ධා­රීන් පවසා ඇත්තේ තමන් නිශ්චි­ත­වම ඩ්‍රෝන යානා නිකුත් කළ ස්ථානය සොය­මින් සිටින බවයි. ප්‍රහා­රය එල්ල වූ ස්ථාන නිශ්චි­තව විමසා බලන විට පෙනී යන්නේ යේම­නයේ සිට ඒ තරම් දුරක් ප්‍රහා­රක යානා මෙහෙ­ය­වීම දුෂ්කර බවයි. එමෙන්ම ඉරා­නය සහ සවුදි ආර­බිය ගල්ෆ් මුහු­දෙන් වෙන් වන බැවින් සවු­දි­යේම කිසි­යම් ගොඩ­බි­මක සිට ඒ යානා මෙහෙ­ය­වී­මට වැඩි ඉඩක් පැවති බව අනු­මාන කළ හැකිය.

කෙසේ වුවද සවු­දියේ තෙල් ළිංව­ලට එල්ල වූ ප්‍රහා­රය අමෙ­රි­කාව පෞද්ග­ලි­කව තමන්ට එල්ල වූ ප්‍රහා­ර­යක් තර­මට වග­කී­ම්ස­හ­ග­තව සිටින බවක් පෙනී යන්නේ ප්‍රහා­රය අර­ඹයා ඔවුන් දැක්වූ අව­ධා­නය පෙනෙන විටය.

ප්‍රහා­ර­යට සති­යක කාල­යක් සම්පූර්ණ වීම­ටත් පෙර අමෙ­රිකා ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ ඉරා­න­යට යළි සම්බා­ධක තර කිරී­මට තමා කට­යුතු කරන බවයි. එහෙත් එහිදී ඉරා­නය සෞදි ඩ්‍රෝන ප්‍රහා­රය එල්ල කළ බව තහ­වුරු කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා ඉක්මන් වී තිබුණේ නැත. අප දන්නා ලෝක ඉති­හා­ස­යයේ ගැටුම් ආරම්භ කිරී­මට දශක ගණන් පැවති යුද්ධ ආරම්භ කිරී­මට තම­න්ගේම හමු­දාව යොදා තම රට­ටම ප්‍රහාර එල්ල කර­ගත් අවස්ථා දුර්ලභ නැත.

එබැ­වින් මේ ඩ්‍රෝන යානා පැමි­ණියේ කොතැ­නක සිටද, ඒවා මෙහෙ­ය­වූයේ කවු­රුන්ද, ඒවා මෙහෙ­ය­වී­මට අණ ලබා දුන්නේ කවු­රු­න්දැයි සෙවීම එත­රම් ප්‍රයෝ­ජ­න­වත් නොවී­මට ඉඩ ඇත. ඒ කෙසේ වුවද මැද­පෙ­ර­දිග මැදි කර­ග­නි­මින් තවත් යුද්ධ­යක් ආරම්භ නොවන්නේ නම් එය මිනිස් වර්ගයා ලෙස අප සැමගේ සතු­ටට හේතු වනු ඇත.

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();